මගේ ජීවිතය, මගේ ආදරය..
ඔබ නොමැතිව මගේ හදවතෙහි කොයින්ද සතුටක්..
කලු වලාකුළු වලින් අහන්න.. මගේ හදවතේ ඇවිලෙන ගින්න..
මං කොච්චර වෙලා කලු වලාකුලු යටට වෙලා වැස්සේ අඩන්න ඇතිද..
ඒත් එක කලු වලාකුළකටත් බැරි උනා එයාලගෙ වැස්සෙන් ඒ ගින්න නිවන්න.
හඳෙන් අහන්න... මගේ හිතේ ඔයාට තියෙන ආදරය..
මං කොච්චරනම් වෙලා වහල උඩට වෙලා හඳ දිහා බලන් ඉන්න ඇතිද
ඒ හඳ මට එලිය දුන්නට මගේ හද මට එලිය දෙන්නෙ නැද්ද?
ආදරේ තියෙන්නෙ දෙන්න මිසක් ඉල්ලන්න නෙමේ බූරුවෝ..
ඒ මට බනින්නෙ මගේම මොළය..
ඔව් ඇත්ත..
ඒත් මුලු හදවටතම ඔයාව ඉල්ලනකොට මම දුක් නොවී මොනා කරන්නද?
අමතක කරන්න..? ඔයාව..
මගේ හැම නහරෙකම ඔයා ගැන ආදරෙන් පිරිලා ගිහින්..
අමතක කරන්න පුලුවන් එකම එක විදියකින්..
මේ නහර ඔක්කොම මරලා දාලා..
බොරුවට හරි ඔයා ගැන තියෙන ආදරේ නැති වෙන්න හෙතුවක් හදාගන්න..
ඔයා කියනවා..
මම ජීවිතේට දැක්ක හොදම ගතිගුණ ගොඩක් තියෙන
ඔයාගැන මම කොහොමනම් එහෙම හිතන්නද?
මගේ හදවත ගැහෙන අන්තිම තත්පරය වෙනකන් මං ඔයාට ආදරෙයි..
ඒක එහෙම නොවේවි කියලා හිතන්නවත් බයයි මං
ඒ තරමට මං ඔයාට ආදරෙයි..
<3 <3 <3






7 ක් අදහස් පලකරලා.. ඔයත් කියන්න:
ආදරය??? අපි හැමෝම දවසක අතරමං වෙන ප්‍රශ්ණයක්.. යාළුවගේ ආදරය ඇය දවසක තේරුම් ගනීවි.. එතකන් ඉවසන්න..
ආදරේ තියෙන්නෙ දෙන්න මිසක් ඉල්ලන්න නෙමේ බූරුවෝ..
ඒ මට බනින්නෙ මගේම මොළය..
ඔව් ඇත්ත..
ඒත් මුලු හදවටතම ඔයාව ඉල්ලනකොට මම දුක් නොවී මොනා කරන්නද?
අමතක කරන්න..? ඔයාව..
මගේ හැම නහරෙකම ඔයා ගැන ආදරෙන් පිරිලා ගිහින්..
අමතක කරන්න පුලුවන් එකම එක විදියකින්..
මේ නහර ඔක්කොම මරලා දාලා..
හ්ම්ම්.. ලස්සනයි... මටත් මේකම තමා මගේ මල්ලියෝ.. මන්දා.. මොනවා කරන්නද??
ආදරය තියෙන්නෙ බොහෝම අමාරුවෙන් හම්බ කරගන්න..ඊට පස්සෙ ගෞරවනීය විදියට රැක ගන්න කියලයි මගේ පුද්ගලික අදහස පිටසක්වලයො !
ආදරය කියන්නේ මොකක්ද කියලා මමත් තවම හොයනවා යාළුවා...අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නැති අපිට ආදරය කරන අයට අපිට ආදරය කරන්න බැරි පිදුමාකාර ලෝකයක් අප්පා....
මේ පැත්තට ආපු පළවෙනි දවසද මන්දා....:)
ආදරය හිමිකරගන්න ගොඩාක් මහන්සිවෙන ගොඩ දෙනෙක් ඒ ආදරේ ලැබුනට පස්සේ ඒ ආදරේට සැලකිල්ලක් නොදක්වා වෙන වෙන අය දිහා බලලා හූල්ලන්න ගන්නවා.... ඒත් ඒක නෙමෙයි කල යුත්තේ අමාරුවෙන් හොයාගත්තු ආදරේ මල් පැලයකට සාත්තු කරනවා වගේ බලාගන්න ඕනේ... එතකොට තමා ඒ ආදරේ මල් පැලේ මල් පිපිලා ලස්සන වෙන්නේ...
මල් පැලේට ඕනෑවට එපාවට සැලකුවොත් ඒ මල ලස්සන වෙන්නෑ සමහර විට මැරිලා යාවි... මැරිලා ගිය දාකට ගොඩක් දුක හිතෙන්න පුළුවන් ඒත් එතකොට අඬලා වැඩක් නෑ මොකද ඒ මැරුණු ආදර මල් පැලේ ආයේ පූදින්නේ නෑ...
ඒ මල් පැලේ ආදරෙන් බලාගත්තොත් හොඳට ඵල දරන්න ගනියි...
ගොඩක් අය කියනවා එහෙම බලාගන්න වෙලාවක් නෑ කියලා ඉතිං වෙලාව කියන දේ සකස් කරගන්න පුළුවන් උවමනාවක් තියෙනවානම් හරියට බ්ලොග් කියවන්න ඕනේ උනාම කොයි ජාතියෙන් හරි අපි කියවනවනේ...
තව දෙයක් ආදරේ ගැන මතක් වුනා....
ආදරේ කියන්නේ කිරි තේ එකක් වගේ... තමන්ට කැමති කැමති විදියට ආදරේ කියන සීනි ජාතිය දාලා රහ කර කර බොන්න පුළුවන් හැබැයි දියවැඩියාවට අත වනනවා...
ආදරේ කියන සීනි නොදා තේ බිව්වොත් තිත්තයි මෙලෝ රහක් නෑ...
එහෙනම් මක්කැයි කරන්නේ වැඩියෙනුත් නොකර අඩුවෙනුත් නොකර හිතට දැනෙන විදියට ආදරේ කරමු කාවවත් අනුකරණය නොකර...
පිටසක්වලයෝ මම මේ බ්ලොග් එකට ආවාමයි...මරුනේ මේක
මේකෙ තේරුම මොකක්ද????
උබෙන් ඇහුවම කියන්නේ බූට් නෑ කියලනේ බං
බ්ලොග් එක ලියන්නැත්තේ මොකෝ???
Post a Comment